නිර්මාල් දේවසිරි මහතාට පිළිතුරු

drawing-from-matrixial-borderline-1991පසුගිය උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සමග ‘දෙමළාගේ ප්‍රශ්නයේ’ වලංගු බවට සහ ‘සිංහලයාගේ විමුක්තිය තිබෙන්නේ එම ප්‍රශ්නයෙන් ගැලවීම තුල’ බවට මෙම බ්ලොග් අඩවිය ආරම්භක අවස්ථාවේ අප කල සටහන සඳහා ජාතික-ඓතිහාසික අනුනාදයක් ලැබී තිබේ. රටේ අනාගතය තීරණය කරනා සංවාදය වන්නේ මේ අනුව මෙම ප්‍රශ්නයයි. අපට කල හැකි ඉල්ලීම වන්නේ මෙම ප්‍රශ්නය හැකිතරම් පිරිසක් අතරට රැගෙන යාමට උපකාර කරන ලෙසයි. දේශපාලන පක්ෂයක්, සංවිධානයක්, කණ්ඩායමක් නියෝජනය නොකරන අපගේ මෙම බ්ලොග් අඩවිය දෙමළා ගේ ප්‍රශ්නය පිළිබඳව ආධිපත්‍යධාරී අර්ථකථනයට දෘෂ්ඨිවාදී විවේචනයක් කරන්නට සමත් වන පොදු වේදිකාවක් වනු දැකීම අපගේ අරමුණයි. පහතින් පල වන්නේ ශිරන්ත චාමර මහතා විසින් නිර්මාල් රංජිත් දේවසිරි ට ලබා දී ඇති විවෘත ප්‍රතිචාරයකි. මෙම සංවාදයට දායක වීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබේ.

නිර්මාල් දේවසිරි මහතාට පිළිතුරු

නිර්මාල් දේවසිරි මහතා ජාතික චින්තන ෆේස්බූක් අඩවියේ පල කල ලිපි කිහිපයක් නිසා ඇතිවූ සංවාදයන්ට අදාලව කරුණු දැක්වීමකි.  එම ලිපි හා අදාල සංවාද පහත යොමු වලින් දැක්වේ.

 

1.  https://www.facebook.com/groups/71732050518/permalink/10151821025355519/

2.        https://www.facebook.com/groups/71732050518/permalink/10151865199995519/

3.        https://www.facebook.com/groups/71732050518/permalink/10151881417980519/

4.        https://www.facebook.com/groups/71732050518/permalink/10151881417980519/

 

මුල් ලිපි දෙකට මා දැක්වූ ප්‍රතිචාර වල මා කලේ නිර්මාල් මහතාට අපේ යෝජනා ඉදිරිපත් කිරීමය. ඒ මහතා අප සම්බන්දයෙන් පූර්ව නිගමන සහිතව සිටින බවට මට සැකයක් නොවූ අතර එය සංවාදයේදී තහවුරු විනි.  මේ දෙමළ ප්‍රශ්නය බඩවැල මෙන් සැරින් සැරේට සුසමාදර්ශය මාරු කරමින් නැවත නැවත ඇදෙමින් යයි.  මේක දේශපාලන බලයකින් ඉවරකිරීමට වඩා එකගතාවකින් ඉවරකිරිම සුදුසු නිසයි ඒ මහතාට (හා වෙනත් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ට) මා මේ සම්බන්ද මගේ අදහස ඉදිරිපත් කලේ.  ඒ මහතා එය විවේචනයට ලක් කලේ පුර්ව නිගමන වලට බැසිමෙනි.   උදාහරණයක් ලෙස මා  දෙමල ප්‍රශ්නය (දෙමලාට ඇති ප්‍රශ්නය නොවේ) වාර්ගිකහරණයකට ලක් කරන බව තුන් වන ලිපියේ ඒ මහතා පවසයි. එය  ප්‍රතික්ෂේප කර විස්තරයක් මා කර ඇත.  එමෙන්ම දෙවන ලිපියේදී ඒ මහතා කියා සිටින්නේ සිංහල ජාතියට අනෙකුන් දියවන විසදුමක් වෙනුවෙන් මා කතා කරන බවය. එය එසේ නොවන බව දක්වමින් දෙවන ලිපියට අදාල ෆේස්බූක් සංවාදයේ මම දීර්ඝ  පැහැදිලි කිරීමක් කලෙමි.  අප කතා කරන්නේ බද්ධ වීමක් ගැනය.   ඒ නිසා මේවායේ සාධාරණ අසාධාරනකම ගැන  ඒ මහතා කුමන මතයක් දරුවත් ලිපියේ ඒ මහතා කියන දේවල් නම් වැරදිය. 

 

ඒ මහතා මෙම දෙවන ලිපියේදී අප අභිලාශ වලට සවන් දිය නොහැකි බවක් කියන්නේ යයි පවසයි. මෙයද සම්පූර්ණයෙන් වැරදි බව මම පෙන්වා දුන්නෙමි.  අභිලාශ වලට සවන් දීම හා ඒවා  පිළිගැනීම දෙකකි.  අප කිවේ අභිලාශ ඇති කරගන්න පලියට ඒවා ක්‍රියාත්මක කිරීමට අප එකග වීම අනිවාර්ය නොවන බවය.  මෙහිදී නිර්මාල් මහතා 4 වන ලිපියේ දක්වන මගේ කටුවාවල උදාහරණය මා යොදාගත්තේ 1 වන ලිපිය අරභයා ඇතිවූ සංවාදයේදී  මනෝජ් උදය කුමාර විසින් නැගු තර්කයක අවලංගු බව පෙන්වීමටය.  හරය වශයෙන් මනෝජ් පැවසුවේ අභිලාශ දෙකක් ඇතිවිට මැද සම්මුතියකට නොඑළඹී දේශපාලන බලය යෙදීම වැරදි බවය.  එය වියුක්ත (සන්ධර්භයෙන් පෙරා ඉවත් කරගත හැකි) තර්කයකි.   කටුවාවල කතාවෙන් එම තර්කය අවලංගු කෙරේ. 

 

 දැන් අපේ කතාව තියල නිර්මාල් මහත්තයාගේ කතාව අහමු.  ඒ මහතා ට අප එතරම් අශ්තිල (rigorous ) නොවී දෙන පිළිතුරු ගැන තැකීමක් නැත. ඒ ඒ මහතාට අප ගැන පුර්ව නිගමන ඇති බැවිනි. ඒ නිසා අප කල යුත්තේ ඒ මහතාගේ කතාව  තාර්කික පරික්ෂාවකට ලක් කිරීමය.  නිර්මාල් මහත්තය කියන කතාව අහමු. 

 

“‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.’”

 

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මේක නලින් ද සිල්වා මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට ලබාදෙන්න යන නිසයි. දැන් මුලින්ම නලින් ද සිල්වා මහත්තය අහන්නේ මොකක්ද කියල පැහැදිලි කරගමු. දෙමල ජනතාවට දෙමල වීම නිසා සිදුවූ අසාධාරනකම් නිසා දෙමල අය බෙදුම්වාදය තෝරා ගත් බව තර්කයක් හැටියට දෙමල ජාතිවාදී කඳවුරෙන් ඉදිරිපත් වුනහම මොකක්ද මේ වුණ අසාධාරනය කියලයි එතුමා ඇහුවේ.   එතකොට ඔබේ කතාව එකට උත්තරයක් නෙමෙයි. .ඔබ දෙන්නේ නලින් ද සිල්වා මහතා අහන  ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි.  එකේ තේරුම ඔබේ අදහස සලකා බැලිය නොහැකි බව නෙමෙයි.  එහෙත් එක අපේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි.  එක උත්තරයක් හැටියට දෙන්න යාමෙන් නේද මෙතන ප්‍රශ්නේ ?මෙතනින් පස්සේ මේ සම්බන්ධයෙන්  ඇති වෙන බොරු විවාදේ ඉවර වේවි කියල හිතනවා. 

 

නිර්මාල් මහතා කියන්නේ කොටින්ම එහෙම අසාධාරනකම් කතා මෙතන වැඩක් නැති බවයි.  ඒ මහතා කියන්නේ දෙමළා වෙන් වෙන්න යනකොට අපට අහන්න අයිතියක් නැහැ ‘මොකක්ද වෙන් වෙන්න තරම් උඹලට අපෙන් වෙච්ච වැරැද්ද ‘ කියල. මෙතන නිර්මාල් මහත්තය කියන්නේ වෙන කතාවක්. එක වෙනම කතා කරමු.  

 

මුලින්ම මට දැනගන්න ඕනේ නිර්මාල් මහත්තය මේ කියන්න එන්නේ 1982 කාලේ අර නලින් ද සිල්වා මහත්තය කියපු කතාවමද?  ඒ සඳහා තර්කයක් ලෙස මනෝජ් උදය කුමාර කියන විදිහට ඕනෑම සන්ධර්භයකදී අභිලාශ දෙකක් ඇතිවන විට මැද සම්මුතියකට එම අනිවාර්ය ය යන්න භාවිතා කරනවද  ? එහෙම නැත්නම් ඔබ මේ කියන්නේ උතුරු නැගෙනහිර පිහිටි ඓතිහාසික දෙමල රාජ්‍යයක සාමාජිකයන් ගෙන් මේ දෙමල මිනිස්සු පැවත එන බවද? එක ඔබේ ප්‍රකාශය යුක්ති යුක්ත කිරීම සඳහා සාධකයක් ලෙස භාවිතා කරනවද? ඊට පස්සේ මේ ‘දෙමළා’ කියන්නේ කාටද? උතුරෙයි නැගෙනහිරයි ඉන්න කට්ටියටද නැත්නම් ලෝක දෙමල ප්‍රජාවටද? 

 

කොහොමහරි මම කමෙන්ටුවක කිව දෙමල ජනතාවට වෙලා තියෙන්නේ දෙමල ජාතිවාදී (හරි ඔයා කැමති විදිහකට හඳුන්වන) ප්‍රපංචයේ ප්‍රතිපලයක් නිසා ඇති කෙරුණු ස්වයං තීරණ අභිලාශ ඔවුන්ට ප්‍රශ්නයක් වීම කියල.  අභිලාශ ඇති කරගත්තට පස්සේ ක්‍රියාත්මක කරන්න බැරිවීම ඉතින් ප්‍රශ්නයක් තමයි.   (එහෙත් එක නලින් ද සිල්වා මහත්තය අහන දේ නෙමෙයි.  එක තේරුම් ගන්න.)  කොහොමහරි දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම අපි ඔක්කොම දන්නවා.  නොදන්නවා නෙමේනේ. ඕක තමයි දෙමල ජාතිවාදී ව්‍යාපාරයෙන් පස්සේ  උතුරෙ දෙමල මිනිස්සු ප්‍රශ්නේ පොදුවේ  තේරුම් ගන්න හැටි.   ඒවගේම ඒගොල්ලෝ මෙහෙම ප්‍රශ්නයක් ඇති කරගෙන තිබීම සිංහල ජනතාවටත් ප්‍රශ්නයක් තමයි.  මේ ඔක්කොම අපි දන්නා දේවල් . අපි කියන්නේ මේ ප්‍රශ්නය යටත්විජිතවාදය විසින් දෙමල ජාතිවාදය නිර්මාණය කර පෝෂණය කිරීමෙන් ඇතිවූ ප්‍රශ්නයක් කියල.  නිර්මාල් මහත්තය මේ ප්‍රශ්නේ  කොහොම ඇතිවුණත් මොකෝ කියල කියනවද? නිර්මාල් මහත්තයාගේ පහත ප්‍රකාශය බලමු. 

 

”විශේෂයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ රාජ්‍යයක් සඳහා වූ දෙමළ ජනයාගේ අභිලාෂය ප‍්‍රශ්න කිරීමට සිංහල-බෞද්ධයාට වරමක් ලැබුනේ කෙසේ ද යන්නයි. අවශ්‍යනම් අපට ප‍්‍රශ්නය මේ ආකාරයෙන් ඇසිය හැකිය. ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් දැ යි ඇසීමට සිංහලයාට ඇති අයිතිය කුමක් ද? දැනට ඒ සඳහා ඉදිරිපත් වී ඇති ශක්තිමත්ම පිළිතුර වන්නේ සිංහල-බෞද්ධයාට මේ දිවයිනට ඇතැයි කියන සුවිශේෂිත (exclusive) අයිතිය පිළිබඳ කියා පෑමයි. ”

 

නැහැ.  දෙමල රාජ්‍යක් සඳහා වූ අභිලාශය ප්‍රශ්න කරන්න සිංහලයට උතුරු නැගෙනහිර පිලිබඳ සුවිශේෂ (exclusive ) අයිතිය තියෙන්න ඕනේ නැහැ.  දෙමලාට උතුර හා නැගෙනහිර ගැන සුවිශේෂ (exclusive ) අයිතියක් නොතිබීම ප්‍රමාණවත්.  එකියන්නේ දෙගොලන්ටම අයිතිය තියෙන සන්ධර්භෙකදී උනත් සිංහලයට අයිතිය තියෙනවා මේක ප්‍රශ්න කරන්න.  කොටින්ම ඔබයි මෙතන මේ  ආකාරයේ කතාවක් කියන්නේ.  ඔබ කියන්නේ උතුර හා නැගෙනහිර වෙනම දෙමල රාජ්‍යයක් හැදීම ගැන ප්‍රශ්න කරන්න සිංහලයන්ට අයිතියක් නැහැ කියලනම් එකෙන් කියවෙන්නේ උතුර හා නැගෙනහිර ගැන දෙමල ජනයාට සිංහලයන්ට නැති exclusive අයිතියක් තියෙන බවනේ. 

 

ඊට පස්සේ ඕනෑම කතිකාවක පිටතක් තිබීම ගැන කියන කතාව බලමු.  මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? අපි බලමු කියන දේ. 

 

///////ඕනෑම කතිකාවක් ගොඩනංවනු ලැබීමේ ක‍්‍රියාවලියේ දී එම කතිකාව මගින් බැහැර කෙරෙන පිටතක් (excluded outside) නිර්මානය වේ. එය හරියට සිංහල-බෞද්ධ කතිකාව නිර්මාණය වන විට දෙමළා බැහැර කෙරෙන්නාක් මෙනි. ශිරන්ත චාමරට ප‍්‍රතිචාරයක් ද ලෙසින් කියනවා නම් ඔහු නිවැරදිව ප‍්‍රකාශ කරන ආකාරයට ‘පොදු අභිලාෂ යනු හැමදෙනාම සතුටු කිරීම නොවන’ නිසා සිංහල-බෞද්ධ ‘පොදු අභිලාෂයෙන්’ බැහැර කෙරෙන දෙමළා ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය වන නිසා එය සිංහල-බෞද්ධයාට දේශපාලන අභියෝගයක් බවට පත්වේ. ශිරන්ත චාමරගේ කටුවාවල ජනයා එසේ ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය නොවන නිසා දේශපාලන ගැටලූවක් මතු නොවේ.////////

 

මොකක්ද මේකෙන් කියන්නේ? ඔබ කියන්නේ සිංහල බෞද්ධ කතිකාවත නිර්මාණය වෙන්නේ දෙමළ උන්ගේ අදහස් අපට වැඩක් නැහැ දෙමල උන් ඉන්නවනම් අපි කියන විදිහට ඉන්න ඕනේ කියල පූර්ව නිගමන වලින් හිතාගෙන  කියලද? ඒ කියන්නේ සිංහලයන විසින් දෙමල උන් ව කතිකාවෙන් ඈත්  කිරීම නිසා දෙමල ජනතාව වෙනම සංවිධානය උනා සහ එක නිසා ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලීම සාධාරණ බවද?

එහෙමත් නැත්නම් ඔබ කියන්නේ දෙමල ජනතාවට තමාගේම ස්වයං තීරණයෙන් සිංහල කතිකාවට සහභාගී නොවී සිට වෙනම කතිකාවක් හරහා වෙනම  රාජ්‍යයක් උතුරේ පිහිටවාගැනීමට අයිතිය තිබෙන බවද? 

 

පොදු අභිලාශ යනු හැමෝම සතුටු කිරීම නෙමෙයි කියන එක ඕනේ කෙනෙකුට තේරෙන්න ඕනේ.  එකෙන් මම කියන්නේ සතුටු වෙන්න ඕනේ කවුද කියල නිගමනය කරලා ඉවරවෙලා කතිකාව ගොඩනගන්න ඕනේ කියන එකද? නැහැ.  එක සංවාදය හරහා ක්‍රමයෙන් වෙන්න ඕනේ. එකයි මම කිව්වේ පොදු අභිලාශ තේරුම් ගැනීමෙන් කල්පනා කිරීමෙන් ඇති කරගත යුතු බව.  අද ප්‍රශ්නය තියෙන්නේ මේ සංවාදය දෙකට වෙන්වෙලා කෙරෙන විවාදයක් බවට පත්වීමයි. ඇත්තටම මම උවමනාවෙන් ඔබට පිළිතුරු දෙන්නේ මේක සංවාදයක් කරගන්න මගේ ශක්තියෙන් කරන්න පුළුවන් පොඩි දේ හරි කිරීම සඳහායි.  මොකද මේ විවාදය ඉවර වෙන්නේ තව ලේ හෙලවිමකින්.  එක සිංහලයන් අතින් වෙයිද දෙමලයන් අතින් වෙයිද නේටෝ එකෙන් වෙයිද කියල විතරයි මම දන්නේ නැත්තේ.  

 

අපට විශේෂයෙන් සිංහලයන්ට අනෙක් සංස්කෘතිවල පැවැත්ම ගැන හැගීමක් තියෙනවා.  මේ ඔක්කොම අවුල් කලේ දෙමල ජාතිවාදී ප්‍රපංචය හා යටත් විජිතවාදය අනුගමනය කල සිංහල විරෝධී පාලනය .  මෙතන කි දෙනෙක් කීවද දෙමල හින්දු මිනිසෙක් යටතේ පාලනය වීම ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතියට අනුව ජිවත් වීමට දීම කිසිම ප්‍රශ්නයක් නොවන බව.  හරි. ඔබ දෙවන ලිපියේ සංවාදයේ මම විස්තර කල විසදුම බලන්න. මට විශ්වාසයි එක හරය හැටියට භාරගන්න මිනිස්සු තොගයක් සිංහල මිනිස්සු අතර ගොඩනගන්න අපට පුළුවන් බව.  මේක මම ඉස්සරහට විස්තරාත්මකව ලියන්නයි ඉන්නේ.  මම හිතන හැටියට නලින් ද සිල්වා මහත්තය කියන්නෙත් එකයි.  ඔබ මගේ විසදුමට එකග නොවෙන්නේ දෙමල ජනයාට වෙන්  වීමට අයිතියක් තියෙනවා කියන පදනම නිසා මිසක් මා කියන්නේ වර්ගවාදී අදහසක් නිසා ද?  

 

ඊට පස්සේ මට වැදගත් ප්‍රශ්නයක් තියෙනවා මේ කටුවාවල ගැන.  ඔබ කියන්නේ කටුවාවල කට්ටිය වෙනම සංවිධානය නොවෙන නිසා ප්‍රශ්නයක් නොවෙන බවනේ.  මම අහන්නේ කටුවාවල කට්ටිය වෙනම සංවිධානය උනොත් මොකෝ කියන්නේ? එකයි මම මනොජ්ගෙනුත් ඇහුවේ. එතකොට එගොල්ලන්ටත් ඔබ උතුරේ දෙමල මිනිස්සුන්ට කියන කතාවමද කියන්නේ? මට කියන්න වතුකරයේ දෙමල මිනිස්සු අතර ඔවුන්ගේ පාලකයන් යම් වෙනම ජාතික විඥනයක් සාර්ථකව ඇති කළහොත් ඔවුන්ටත් ජාතික ස්වයං තීරණ අයිතියක් වතුකරයේ භුමිය සම්බන්දයෙන් හිමිවෙනවද? (ඇත්තටම මේක කටුවාවල කතාවම තමයි.  මම මේක වතුකරය යොදාගෙන කියන්නේ නැත්නම් ඔබ අයෙත් කියන්න ඉඩ තියෙනවා මම මේක රාජ්‍ය ගොඩනැගීම ගැන අනවබෝධයෙන් කියනවා කියල.  කටුවාවල උනත් වතුකරයේ උනත්  මගේ තර්කෙ හරි . මෙතන රාජ්‍ය ගොඩනැගීමේදී වෙනම සංස්කෘතියක් තියෙන්න ඕනෙයි අරකයි මේකයි මේවා සදාකාලික සම්මුති නෙමෙයි.  රාජ්‍ය ගොඩනැගීම කියන්නේ අන්තිම විග්‍රහයේදී බල අරගලයක් ම පමණි.  සම්මුති ගොඩනගන්නේ මෙම බල අරගලවලදී ලේ හැලීම නවත්විමටයි.  එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ එක එකාගේ සම්මුති වෙනස් නිසාය.  මෙතැනදී අපි අපේ රටේ යටත්විජිතවාදීන් ඇති කල සුවිශේෂී ප්‍රශ්නය එහි මිනිසුන් සංස්කෘතීන් ඒවායේ පැවැත්ම වර්තමාන ලෝක සන්ධර්භය තුල තේරුම් අරගෙන ගමන යා යුතු බව තමයි මගේ හැගීම.  මගේ ඒ හැගීම සිංහල දෙමල හැමෝටම හදවතට දැනෙනවා කියල මම හිතනවා.  මම කලිනුත් කිව  ඔබ තර්ක කලොත් අපිත් තර්ක කරනවා. හැමදාම තර්ක කර කර ඉමු. )

 

“මේ ලිපි කියවන නලින් ද සිල්වා ගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින්ට මා හට උපහාස කරමින් හෝ තවත් කලක් ඉවසා සිටීමට සිදුවේ. එසේම තමා සිටින කතිකාවෙන් පිටත ද තවත් ඥානන විශ්වයන් පවතින බවත් පිළිගැනීමටත් ඔවුන්ට සිදුවේ. “

 

මේක අපි නොදන්නා දෙයක් නෙමෙයි නේද?  මෙහෙම කියන්නේ මොන වගේ හේතුවක් නිසාද? 

 

කොහොමහරි අර orientation කතාවට මොකුත් නොකිය ඉන්න හිතෙන්නේ නැහැ.  orientation කවදාවත් objective වෙන්නේ නැහැ.  වැදගත් වෙන්නේ විසංවාදයක් ඇතිවුනහම එක තේරුම් අරගෙන නැවත සිතීම හරහා වෙනස් වීමේ හැකියාවයි. ඉතිහාසය සම්බන්දයෙන් orientation එක මොකක් වුනත් වැදගත් වෙන්නේ වඩා සාර්ථක ප්‍රවාදය තේරුම් ගැනීමේ දී පොදු සම්මුති (එකගතාවලින් ඇති කරගත්)  භාවිතා කිරීමේදී අවංක වීමයි.   orientation එකක් නැතුව නිර්මාණ (ඉතිහාසය වුවත්) කල නොහැක. වැදගත් වන්නේ නිර්මාණය අනෙක් නිර්මාණ සමග උරගා බැලීමේදී අප අතර ඇති එකගතා අවංකව භාවිතා කිරීම පමණි. 

 

ශිරන්ත චාමර

(මෙය ‍‍‍ෆේස්බුක් හී පලවූ ප්‍රතිචාරයකි)

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to නිර්මාල් දේවසිරි මහතාට පිළිතුරු

  1. පින්ග්කිරීම: දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (5 කොටස) | දෙමළාගේ ප්‍රශ්නය

  2. පින්ග්කිරීම: දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (5 කොටස) | Lanka E Voice

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )