දෙමළාගේ ප්‍රශ්නයට සිදුවුන ප්‍රශ්නය

consciouseffort -Judyhintzcoxගූගල්, බ්ලොගර් සමාගම විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියක් ලෙස මෙම බ්ලොග් අඩවිය අප පළමුවෙන් ඇරඹුවෙමු. පසුගිය සිකුරාදා මෙහි අළුත් ලිපිය සංස්කරණය කර, පල කරන්නට විධානය දුන් විට බ්ලොගර් සමාගම අපට ඊමේල් පණිවිඩයක් ඒවා තිබුණි. එයට අනුව අපගේ බ්ලොග් අඩවිය ඔවුන්ගේ සේවා කොන්දේසි කඩ කර තිබෙන බවට තහවුරු වී ඇති හෙයින් එම බ්ලොග් අඩවිය ඉවත් කිරීමටත් එම බ්ලොග් ලිපිනය අක්‍රිය කිරීමටත් තීරණය වී තිබේ. අප කඩ කර තිබෙන්නේ ‘අසීමාන්තික ලෙස අපගේ බ්ලොග් අඩවියේ සබැඳියන් පිටපත් කිරීම’ (spam) පිලිබඳ ප්‍රතිපත්තියයි.

විවිධ ආකාරයේ බ්ලොග් අඩවි කර අත්දැකීම් ඇති අප, මෙය නිවැරදි නොවන බව හොඳින් දන්නෙමු. මෙයට වඩා බොහෝ සේ ප්‍රවර්ධනය කිරීම් කල බ්ලොග් අඩවි තිබුණමුත් ඒවාට මෙවැනි චෝදනා එල්ල නොවීය. අනෙක් අතට බ්ලොග් අඩවියක් තහනම් කිරීමද එතරම් ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවේ. මෙවැනි තත්වයක් යටතේ අපගේ බ්ලොග් අඩවිය ට එරෙහි පැමිණිල්ලක් තරමක් බලවත් ලෙස පැමිණ තිබෙන බව පැහැදිලි වේ. ඒ කුමන පාර්ශවයකින්ද කියා තීරණය කිරීම කියවන ඔබ සතු වේ.

‘දෙමළාගේ ප්‍රශ්නය’ මෙරට දේශපාලන ශරීරයේ ස්නායු කේන්ද්‍රයක් ස්පර්ශ කරන බව අප දැනගෙන සිටියෙමු. නමුත් එය මෙතරම් සංවේදී වීම පිළිබඳව අප පවා පුදුම වන්නෙමු. අන්තර්ජාලයේ තිබෙනා එක ප්‍රජාතන්ත්‍රීය වැදගත් කමක් වන්නේ එහි යමක් මර්ධනය කිරීම මුළුමනින්ම කිරීම ඉතාම අපහසු වීමයි. මේ අර්ථයෙන් එය දෙමළාගේ ප්‍රශ්නයට සමාන වන්නකි. සමකාලීන ප්‍රංශ දාර්ශනිකයෙක් වන ෆ්‍රන්සුවා ලරුඑල් කියනා පරිදි ‘සුළුතරය’ යන චින්තන වස්තුව ප්‍රකාශමාන වන්නේ එක්වරම අභ්‍යන්තර සහ පරිබාහිර වන්නා වූ ප්‍රචණ්ඩත්වයේ සහ ගැටුමේ මාදිලියක් තුලින් පමණි. අරගලය යනු සුළුතරයේ පැවැත්මේ මූලික ආකෘතියයි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to දෙමළාගේ ප්‍රශ්නයට සිදුවුන ප්‍රශ්නය

  1. kathandarakaraya පවසයි:

    පරණ ලිපි කියවා නැත. ඉක්මණින් එකක් දෙකක් හෝ පලකරන්න.

  2. Pukkusathi පවසයි:

    මචං ‘දෙමලාගේප්‍රශ්නය’,

    මුලින් පලකරපු ලිපි දෙක පලකරන්න නම් ආපහු මහංසි වෙන්න අවශ්‍ය නැහැ (ඇත්තම කියනව නම් පල නොකර හිටියත් කමක් නැහැ). පුළුවං නම් ඉතුරු ටික පලකරන්න බලන්න. මුලින් පලකරපු ටිකේ ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල තිබුණෙ නැහැනෙ. අපිට මතක ඇති කාලෙ ඉඳං දෙමලට තියෙන ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල කවුරු හරි තේරුම් බේරුම් කරල දෙනකම් බලා ගෙන හිටපු එකේ තව මාසයක් දෙකක් ඉවසන එක ගැටළුවක් නෙමේ. වෙලා අරගෙන හරි කමක් නැහැ ප්‍රශ්නෙ මෙන්න මේකයි කියල වැල්වටාරම් නැතුව හරියටම කියන්න.

    මොකද මේ යන විදිහට දෙමලගෙ ප්‍රශ්නෙ මේකයි කියල හරියටම නොකියන එක දෙමලුන්ටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවං. මේක තමුන්ගෙ පැත්තෙන් නැතුව ටිකක් මානුශීය විදිහට දෙමලුන්ගෙ පැත්තෙන් දකින්න පුරුදු වෙන්න. කවුරුහරි දොස්තර කෙනෙක් තමුන්ට භයානක රෝගයක් තියෙනව කිය කිය හරියටම මෙන්න මේකයි රෝගෙ කියල නොකිය හිටියොත් තමුන්ට උනත් කොහොමද දැනෙන්නෙ. දෙමලට උනත් මේක දැනෙන්නෙ එහෙමයි කියන එක ඉස්සෙල්ලම තේරුම් ගන්න බලන්න.

    – පුක්කුසාතී

  3. කාර්තිගේසු ඉන්ද්‍රපාලන් පවසයි:

    මේකත් FUTA එක වගේම අනාගන්න ලකුණු පහළ වී තිබේ.

  4. Migara පවසයි:

    Comrade Nirmal gives the term “interests” as the equivalent for “abhilashaya”.I think “aspirations”is better suited.Late Kumar Ponnambalam used that word.He said “grievances have graduated in to aspirations”.

  5. Beyond Frame පවසයි:

    දෙමල ජාතිකයන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන තුරු බලා සිටිනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )